එන්ජිමක සැකැස්ම හදුනා ගනිමු




මෝටර් රථයක් ධාවනය කිරීම සදහා අවශ්‍ය යාන්ත්‍රික ශක්තිය නිපදවන ප්‍රභවය එන්ජිම වේ.

ඉංජිනේරු තාක්ෂණවේදයේ නව සොයා ගැනීමක් (Google Car)


ඉංජිනේරු තාක්ෂණවේදයේ නව සොයා ගැනීමක් ලෙස මෙම කාර් එක හදුන්වා දිය හැක.මෙය google ආයතනයේ ඉංජිනේරුවරු කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇත.මෙහි ඇති විශේෂාංග ගැන කිවහොත් මෙම Car එක කිසිදු පුද්ගලයෙකුගේ උපකාරයෙන් තොරව ස්වයoක්‍රියව ක්‍රියාත්මක වී පුද්ගල විධාන මත ක්‍රියා කරයි.මෙම car එක විශේෂයෙන්ම නිපදව ඇත්තේ අන්ද භාවයෙන් යුතු පුද්ගලයින්ට විසදුමක් ලෙසය.
                    මෙම තාක්ෂනයෙන් යුතු කාර් එක අප රටටද හදුන්වා දීමට සුදානම් ව ඇත.

ඩීසල් එන්ජිමක බල පහර (Power Strock) හා ඩීසල් එන්ජිමක පිටාර පහර හදුනා ගනිමු

ඩීසල් එන්ජිමක බල පහර (Power Strock)

සම්පීඩන පහර අවසානයෙදී ඉන්ධන විදිනයක් (Injector)මගින් ඩීසල් දහරාවක් පීඩනයක් යටතේ විදීම නිසා සිලින්ඩරය තුල ඇති වාතය අධික තාපයට පත් වේ.මේ සදහා බාහිරින් තාපය සැපයිමක්ද ආරම්භක අවස්ථාවේ දි සිදු කරයි.වෑල්ව්ව  02කම වැසි ඇති නිසා පිෂ්ටනය මුදුනට විශාල බලයක් ඇති වි එය වේගයෙන් පහලට තල්ලු කර හරි.මෙය බල පහර වේ.

ඩීසල් එන්ජිමක පිටාර පහර 

පිෂ්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි.දහනය වූ වාතය පිටාර වෑල්ව්වය විවෘර්ත වි ඒ තුලින් ඉවත් වේ.


ඩිසල් එන්ජිමක චුෂණ හා සම්පීඩන පහරවල් හදුනා ගනිමු

ඩීසල් එන්ජින්

ඩීසල් එන්ජිමක චුෂණ පහර

        සිලින්ඩරය තුල පිෂ්ටන එහි මුදුන් සිමාවේ (TDC) සිට පහත සීමාව (BDC) දක්වා ගමන් කිරීමේදී චුෂණ වෑල්ව්වය විවෘර්ත වේ.එම වෑල්ව්වය තුලින් වායු ශෝදකය (Airfilter)හරහා එම පිරිසිදු වාතය පමණක් ඇතුළු වේ.මෙය චුෂණ පහර ලෙස හදුන්වයි.

  ඩීසල් එන්ජිමක සම්පීඩන පහර

        පිෂ්ටනය පහල සිමාවේ සිට ඉහල සිමාව දක්වා ගමන් කරයි.මේ අවස්ථාවේදී චුෂණ හා පීටර යන වෑලව්ව 02 කම වැසි ඇත.එම නිසා සිලින්ඩරය තුල ඇති වාතය සම්පිඩනයට ලක් වේ.මෙය සම්පීඩන පහර ලෙස හදුන්වයි.

දෙපහර එන්ජිමක(Two Strock Engin) උඩුකුරු පහර හා යටිකුරු පහර හදුනා ගනිමු

දෙපහර එන්ජිම Two Stroke Engin


සිලින්ඩරය තුල පිෂ්ටනයක් හා චුෂණ කවුළුව,පිටාර කවුළුව,මාරු කවුළුව නම් කවුළු 03කින්ද ඉහලින් පිහිටි පුලිගු පේනුවකින්ද පද්ධතිය සැකසී ඇත.
                 මෙම වර්ගයේ එන්ජින් වල දගර කද වටයක් කරකැවිමේදී එක් බලයක් ලබා ගනී.ඒ සදහා පහර 02ක් උපයෝගී කර ගනී.ඒවා නම්,
                              *උඩුකුරු පහර
                              *යටිකුරු පහර   වේ.

උඩුකුරු පහර

මෙම අවස්ථාවේදී පිෂ්ටනය සිලින්ඩරයේ පහල සිමාවේ (BDC) සිට සිලින්ඩරයේ ඉහල සීමාව දක්වා (TDC) ගමන් කරයි.මෙම අවස්ථාවේදී දගර කද කුටීරය තුල රිත්තකයක් වර්ධනය වේ.ඒ අනුව විවෘර්ත වි ඇති චුෂණ කවුළුව තුලින් පෙට්‍රල් වාත මිශ්‍රණය දගර කද කුටිරයට ඇතුළු වේ.මෙම අවස්ථාවේදී පිෂ්ටනයේ ඉහල කෙලවරට පෙර ඇතුළු වි ඇති පෙට්‍රල් මිශ්‍ර වාතය සම්පිඩනය වීම සිදු වේ.මෙම උඩුකුරු පහරේදී පිෂ්ටනය මගින් සම්පිඩනය වි ඇති පෙට්‍රල් මිශ්‍ර වාතය ඉහල කෙලවරට පැමිණි පසු පුලිගු පේනුව ක්‍රියාත්මක වි පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය කරයි.

යටිකුරු පහර

උඩුකුරු පහර අවසානයේදී පෙට්‍රල් වාත මිශ්‍රණය ගිනි ගැනීමෙන් ඇතිවෙන අධික බලය නිසා පිෂ්ටනය වේගයෙන් ඉහල සීමාවෙ (TDC) සිට පහල සීමාව (BDC) දක්වා තල්ලු කරයි.මෙම පහරේදී පළමුව පිටාර කවුළුවත් දෙවනුව මාරු කවුලුවත් විවෘර්ත වේ.පිටාර කවුළුව විවෘර්ත වීම නිසා දැවී ගිය වායුව පිට වේ.පිෂ්ටනය සිලින්ඩරය පහල සීමාව දක්වා ගමන් කිරීම නිසා දගර කද කුටීරය තුල ඇති පෙට්‍රල් මිශ්‍රිත වාතය සම්පිඩනය වී මාරු කවුළුව හරහා සිලින්ඩරයේ ඉහල කොටසට ඇතුල් වේ.මේ අතර සිලින්ඩරය තුල ඉතිරි වි ඇති දැවී ගිය වායුව පිටාර කවුළුව හරහා සම්පුර්ණයෙන්ම පිට කර හරි.
                       මෙම ක්‍රමයේදී පිෂ්ටනය ඉහලට යන සෑම අවස්ථාවකදීම බල පහරක් ඇති වේ.


සිව් පහර එන්ජිමක(Four Strock Engin) බල පහර හා පිටාර පහර හදුනා ගනිමු

බල පහර Power Strock

සම්පීඩන පහර අවසානයේදී පිෂ්ටනය සිලින්ඩරය මුදුනට ආසන්නවම පුලිගු පේනුවක් මගින් අධික ලෙස සම්පිඩනයට පත් වූ පෙට්‍රල් මිශ්‍රිත වාතයට විද්‍යුත් පුලිගුවක් ලබා දෙයි.ඒ අනුව සම්පිදනය වූ පෙට්‍රල් මිශ්‍රිත වාතය වහා ගිනි ගනී.මේ අවස්ථාවේ එම පෙට්‍රල් මිශ්‍රණය දහනය වීමෙන් පිෂ්ටනය මුදුනට අධික බලයක් ලැබේ.චුෂණ හා පිටාර වෑල්ව්ව 02 කම වැසි ඇති නිසා මෙම අධික බලයෙන් පිෂ්ටනය BDC දක්වා තල්ලු කෙරේ.
පිටාර පහර Exhaust Strock


සිව් පහර එන්ජිමක සිව්වන පහර හෙවත් අවසාන පහර පිටාර පහරයි.බල පහර මගින් ලබා දුන් බලය දගර කද නොකඩවා ක්‍රියා කරවීමට උපකාරී වේ.ඒ අනුව පිෂ්ටනය BDC සිට TDC දක්වා ගමන් කිරීමට පටන් ගනී.මේ අවස්ථාවේදී පීටර වෑල්ව්වය විවෘතව පවති.ඒ තුලින් දැවුණු වාතය පිටතට යවයි.මෙම පහරේදී චුෂණ වෑල්ව්වය වැසි පවතී.   

සිව් පහර එන්ජිමක (Four Strock Engin) චුෂණ පහර හා සම්පීඩන පහර හදුනා ගනිමු

සිව් පහර එන්ජින් Four Strock Engin

චුෂණ පහර Inlet Strock

                                    
              
දගර කද වට භාගයක් කර කැවෙන විට පිෂ්ටනය TDC හෙවත් මුදුන් සිමාවේ සිට BDC හෙවත් පහල සිමාව දක්වා ගමන් කරයි.මෙම අවස්ථාවේදී පීටර වෑල්ව්වය වැසී චුෂණ වෑල්ව්වය පමණක් විවෘත වී ඇත.ඒ තුලින් පෙට්‍රල් මිශ්‍ර වාතය සිලින්ඩරය තුලට ඇදී එයි.මෙය චුෂණ පහර නමින් හදුන්වයි.

    සටහන -:
                  දගර කද වට භාගයක් චලනය වන විට කැමි දණ්ඩ වට ¼ ක් චලනය වේ.

සම්පීඩන පහර  Compresion Strock


සිව් පහර එන්ජිමක දෙවන පහර සම්පීඩන පහරයි.පිෂ්ටනය BDC සිට TDC
දක්වා ගමන් කරයි.එවිට චුෂණ හා පිටාර යන වෑල්ව්ව 02කම  වැසි ඇත.සිලින්ඩරය තුලට ගලා ආ පෙට්‍රල් මිශ්‍රිත වාතය පිස්ටනය ඉහලට යාම නිසා තෙරපීමට පටන් ගනී.මෙම අවස්ථාව සම්පීඩන පහර වේ. 

ජව රෝදය (Fly Wheel) හා එන්ජිමක අභ්‍යන්තර කොටස් හදුනා ගනිමු

ජව රෝදය (Fly Wheel)


මෙහි ප්‍රධානතම කාර්ය වනුයේ බල පහරේදී පිස්ටන් අත මගින් දගර කදට ලබා දෙන බලය රදවා ගෙන අනෙකුත් පහර වලදී දගර කද කරකැවීම සදහා එම බලය මුදා හැරීමයි.
            එන්ජිමේ ක්‍රියාව ආරම්භ කිරීම සදහා සටාටර් මෝටරය සම්බන්ද කිරීමට ඇති දැඩි වලල්ලක්ද මෙම ජව රෝදයේ පිටත දාරයේ සවි කර ඇත.
                               
එන්ජිමක නිර්මාණය

එන්ජිමක අභ්‍යන්තර කොටස්

                    එන්ජිමක ක්‍රියාකාරිත්වයට විවිධ වූ කොටස් රාශියක් දායක වේ.ඒවා පහත පරිදි වේ.
රුපයේ දක්වා ඇත්තේ සිලින්ඩරයක් තුල පිස්ටනයක් චලනය වීමට සවි කර ඇති ආකාරය වේ.සිලින්ඩරයක පිස්ටනය ඉහලට ගමන් කරන අවස්ථාවේදී එම ඉහල සිමාව (අවසන් සිමාව)මුදුන් සිමාව Top Dead Centor(TDC)නමින් හදුන්වයි.
                  පහලට ගමන් කරන අවසන් සිමාව පහල සිමාව Bottom Dead Centor(BDC)නමින්ද හදුන්වයි.
              පෙට්‍රල් මිශ්‍ර වාතය ඇදී එන සිදුර චුෂණ වෑල්වය(Inletvalve)ලෙස හදුන්වයි.අවශය කරන පුලිගුව ලබා දීම සදහා පුලිගු පේනුව යොදා ඇති අතර දහනයෙන් පසුව දහනය වූ වාතය ඉවත් කරන සිදුර පිටාර වෑල්වය (Exhaust Valve)ලෙසද හදුන්වයි.   



දගර කද (Crank Shaft) හා දගර කද බෙයාරින් ගැන හදුනා ගනිමු

දගර කද Crank Shaft

මෙය එකම කොටසක් ලෙස වාත්තු වාfනේ වලින් තනා ඇත.පිස්ටන් අත් වල මහා කොන සවි කර ඇත්තේ මෙහි ඇති දගර පුරුක් වලටය.මෙම දගර පුරුක් මහා කොන් ජර්නල් ලෙස හදුන්වයි.
                                    
                 එසේම දගර කද සිලින්ඩර බදට තබා සවි කරනුයේ ප්‍රධාන ජර්නල් මගිනි.දගර කද සිලින්ඩර බදට සවි කල විට දගර කදේ සිට ප්‍රධාන ජර්නල් වලට තෙල් සැපයීමට (ස්නේහක තෙල්)සැපයීමට බදේ හා ප්‍රධාන ජර්නල් වලට සිදුරු විද ඇත.ප්‍රධාන ජර්නල් වලට පැමිණි තෙල් දගර පුරුක් දක්වා ද සිදුරු විද ඇත.දගර කදේ ඉදිරි පසින් කරකැවෙන මුහුර්තන රෝදය (Timing Wheel)සවි කර ඇත.දගර කදේ ඉදිරි පස ලෙස සලකනුයේ මෙම මුහුර්තන රෝදය සවි කර ඇති දිශාවයි.එසේම දගර කදේ පිටු පසෙහි ජව රෝදය (Fly Wheel)සවි කර ඇත.

සටහන -:
                     දගර කදක ප්‍රධාන කාර්යය වනුයේ පිස්ටන් වල ඉහල පහල චලිතය වෘත්තාකාර චලිතයක් බවට පත් කිරීමයි.
දගර කද බෙයාරින්


පිස්ටන් අතේ මහ කොන හා දගර කද වාfනේ වලින් තනා ඇති නිසා කරකැවිමේදී ඇති වන ගර්ෂනය හේතුවෙන් මේවා ගෙවී යාමට ලක් වේ.මෙසේ ගෙවී යාම වැලැක්වීමට ඊයම් වැනි මෘදු ලෝහයකින් තනන ලද බෙයාරීමක් මහා කොන හා දගර පුරුක් අතරට තබා තද කරනු ලැබේ.මෙම බෙයාරින් පලු බෙයාරින් ලෙස හදුන්වයි.





දගර කදේ ප්‍රධාන ජර්නල් වලටද මෙවැනිම පලු බෙයාරින් යොදා ඇත.

පිස්ටන් අත Piston Road හා පිස්ටන් කූර හදුනා ගනිමු.

පිස්ටන් අත Piston Road


පිස්ටනයක් දගර කදට සම්බන්ද වනුයේ පිස්ටන් අත මගිනි.එහි කුඩා කෙළවර හෙවත් කුඩා කොන පිස්ටනයටද මහකොන දගර කදට ද සම්බන්ද වේ.පිස්ටන් අතක් ඕනෑම බලයකට ඔරොත්තු දෙන ලෙස නිමවා ඇත.එබැවින් මිශ්‍ර වාfනේ භාවිතා කර නිපදවයි.මෙහි කුඩා කොන පිස්ටනයේ කූරට සම්බන්ද වේ.එසේම පිස්ටන් අතේ මහ කොන දගර කදේ පුරුක් වලට සම්බන්ද වේ.එසේ සම්බන්ද වීමට පෙර පලුබෙයාරිමක් යොදා ඇත.   


පිස්ටන් කූර

පිස්ටන් අතක කුඩා කොන පිස්ටනයට සම්බන්ද වනුයේ මෙම පිස්ටන් කූර මගිනි.මෙය වාfනේ වලින් තනා පිටත පෘෂ්ටය දැඩි කොට ඇත.සම්බන්ද කරන ආකාර 02කි.
                      01.පිස්ටන් කූර ඇනයක් මගින් සවි කිරීම -:
                               

මෙම ක්‍රමයේදී පිස්ටන් කූර නිදහසේ චලනය විය 
                                  හැක්කේ පිස්ටනය තුල පමණි.

                          02. පිස්ටන් කූර බහුබෙයාරිමක් මත සවි කිරීම -:
                               
                                                    මෙම ක්‍රමයේදී පිස්ටන් අතෙහි කුඩා කොන          

                                   බහුබෙයාරිමක් සමග පිස්ටන් කූරට සවි වේ.කුඩාම කොනට තෙල්   
                            සැපයීමට ක්‍රමයක්ද නිර්මාණය කර ඇත.මෙම ක්‍රමයේදී පිස්ටන් කූර 
                        කුඩා කොනේ හා පිස්ටනයේ සිදුරු තුල නිදහසේ චලනය වේ.   

පිස්ටනය Piston හා පිස්ටන් වළලු Piston Rings ගැන හදුනා ගනිමු.

පිස්ටනය Piston



පිස්ටනයක ප්‍රධාන කාර්යය  වනුයේ ඉන්දන දහනයෙන් නිපදවන ශක්තිය පිස්ටනය මතට ලබා ගෙන එය පිස්ටන් අත හරහා දගර කදට ලබා දීමයි.පිස්ටන් බහුලව ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් තනා ඇත.එහි හැඩය මූලික වශයෙන් සමාන වේ.

පිස්ටන් වළලු Piston Rings

පිස්ටනයේ ඉහල කොටසේ නිමවා ඇති ඇලි(Grove)තුල යෙදීම සදහා පිස්ටන් වළලු නිර්මාණය කර ඇත.මේවා ප්‍රධාන වර්ග 02කි.
           01.සම්පීඩන වළලු         Compression Rings
          02.තෙල් පාලන වළලු    Oil Control Rings
සම්පීඩන වළලු මගින් පිස්ටනය හා සිලින්ඩරය අතර කුහරය මගින් සිදු වන වායුව කාන්දු වීම වලකනු ලබයි.එය වඩා තහවුරු වීම සදහා සම්පීඩන වළලු 02ක් යොදා ඇත.
                             තෙල් පාලක වළල්ල මගින් සිලින්ඩරයේ බිත්තියේ ඒකාකාර තෙල් මට්ටමක් (සිරව)පවත්වා ගැනීමටත් වැඩි තෙල්,සිලින්ඩර බිත්තියෙන් පහතට සූරා දැමීමත් සිදු කරයි.
 







සම්පීඩන වළලු












තෙල් පාලන වළලු




සටහන-:

          පිස්ටන් වළලු  ප්‍රසාරණය සදහා ඉඩ සැලසීමට ප්‍රසාරණ වාසියක් තබා සවි කරනු ලැබේ.එසේ නොකළහොත් එන්ජිම ක්‍රියාත්මක වීමේදී වළලු රත්වීම නිසා ප්‍රසාරණය වි මූට්ටු වල පරතරය අඩු වි මූට්ටුවේ මුහුණත් එකට ගැටී වළලු කැඩී යාම සිදු වේ.  

වෑල්වයක නිර්මාණය, කැමි දණ්ඩ (Cam Shaft), කැමි දණ්ඩේ ක්‍රියාව හදුනා ගැනීමු.


වෑල්වයක නිර්මාණය

වෑල්ව තනා ඇත්තේ මිශ්‍ර වාfනේ වලිනි.එහි වැදගත් කොටස වන්නේ වෑල්ව මුහුණතයි. වෑල්ව මුහුණත වෑල්වයක් ඉතා හොදින් වැසි තිබීමට ප්‍රධාන සාධකයක් වේ.මේ නිසා මුහුණත කෝණාකාරව කපා ඇත.සාමාන්‍යයෙන් මෙහි කෝණය 45` හෝ 30` වේ.විශේෂයෙන් සම්පීඩන පහරේදී හෝ බල පහරේදී මෙම වෑල්ව හොදින් වැසි තිබිය යුතුය.මේ නිසා මෙම මුහුණත පලුදු රහිතව නිමවා තිබීම වැදගත් වේ. වෑල්වයක් වැසි තිබෙන අවස්ථාවේ මෙම මුහුණත හා සම්බන්ද වි පවතින අනෙක් කොටස වෑල්ව තලව්ව (වෑල්ව අසුන)Valve Sheat යනුවෙන් හැදින්වේ.මෙම තලව්වද වෑල්ව මුහුණතේ කෝණයට ම කපා ඇත.

කැමි දණ්ඩ Cam Shaft

වෑල්වයක් නියමිත වෙලාවට විවර වනුයේ කැමි දණ්ඩේ ඇති කැමි මගිනි.එක් සිලින්ඩරයකට අවම වශයෙන් කැමි 02ක් තිබිය යුතුය.මෙය සිලින්ඩර ගණනට සරිලන සේ කැමි සංඛ්‍යාවකින් යුක්තව කැමි දණ්ඩ නිපදවා ඇත.
මෙහි කැමි වලට අමතරව යාන්ත්‍රික පෙට්‍රල් පොම්පය එළවීමට විකේන්ද්‍රික කැමියක් හා ඩිස්ට්‍රිබියුටරය හා තෙල් පොම්පය එළවීමට දැති රෝදයක් නිර්මාණය කර ඇත.මේවා එකම කොටසක් ලෙස වාත්තු කර තිබේ.

කැමි දණ්ඩේ ක්‍රියාව

මෝටර් රථ එන්ජිමක කැමි දණ්ඩ දම්වැල් රෝද මගින් හෝ ගියර රෝද මගින් ක්‍රියා කරවනු ලැබේ. වෑල්වකැමි දණ්ඩක් දගර කද මෙන් අඩක වේගයෙන් කරකැවීමට සලස්වා ඇත.මේ නිසා දගර කදේ ගියර රෝද හෝ දම්වැල් රෝද මෙන් දෙගුණයක් විශාලව කැමි දණ්ඩේ රෝදය නිර්මාණය කරයි.වේග අනුපාතය 2:1 කි.
සිව් පහර චක්‍රය අනුව වෑල්ව වල නියමිත වෙලාවට ඇරීම හා වැසීම සිදු විය යුතු බැවින් දගර කදේ හා කැමි දණ්ඩේ රෝද නිවැරදිව සවි විය යුතුය.

වෑල්ව් එකලස හා කැමි දණ්ඩ Valve And Camshaft(පැති වෑල්ව්,මුදුන් වෑල්ව්,මුදුන් කැමි දඩු ක්‍රම හදුනා ගනිමු)

වෑල්ව් එකලස හා කැමි දණ්ඩ  Valve And Camshaft

පැති වෑල්ව් ක්‍රමය Side Valve Type  -:

සිව්පහර එන්ජිමක එක් සිලින්ඩරයක වෑල්ව් 02ක් බැගින් ඇත.ඒවා හදුන්වනුයේ චුෂණ හා පිටාර වෑල්ව් යනුවෙනි.(එහෙත් නවීන එන්ජිම් වල එක් සිලින්ඩරයකට වෑල්ව් 03 හෝ 04ක් යොදා ඇත.)මෙම වෑල්ව් ක්‍රම කිහිපයකට එන්ජින් වලට සවි කර ඇත.පැරණි එන්ජින් වල මෙම පැති වෑල්ව් ක්‍රමය බහුලව දැකිය හැකි වේ.

මුදුන් වෑල්ව් ක්‍රමය Overhead Valve Type   -:

                          මෙම ක්‍රමයේදී සියලුම වෑල්ව් ද සිලින්ඩර හිසේ සවි කර ඇත.පැති වෑල්ව් ක්‍රමයට වඩා කාර්යක්ෂම බැවින් මෙම ක්‍රමය බහුලව භාවිතා කෙරේ.

මුදුන් කැමි දඩු එන්ජිම -: 

                        ඉහත විස්තර කරන ලද වෑල්ව් ක්‍රම 02ටම අයත් එන්ජින් වල කැමි දණ්ඩ සිලින්ඩර බදේ පසෙකින් සවි කර ඇත.නමුත් නවීන එන්ජින් වල කැමි දණ්ඩ සිලින්ඩර හිසේ සවිකර ඇත.
              මෙය මුදුන් කැමිදඩු එන්ජිම හෙවත් Over Head Cam Engine(O.H.C)ලෙස හදුන්වයි.