එන්ජිමක ප්‍රධාන කොටස් හදුනා ගනිමු.

එන්ජිමක ප්‍රධාන කොටස්
0            සිලින්ඩර බද Cylinder Block -:
                                එකම ලෝහයක් ලෙස චිනට්චට්ටි ලෝහයෙන් හෝ වෙනත් මිශ්‍ර ලෝහ වලින් වාත්තු කරයි.වාත්තු කිරීමේදී පිෂ්ටනයේ චලිතය සදහා සිලින්ඩර බෝරයක්ද දගර කඩ බ්‍රමණය සදහා මව් බෝරයක්ද කැමි දණ්ඩේ ක්‍රියාකාරිත්වය සදහා කමි බෝරයක්ද ජල කුහර, තෙල් මාර්ග හා සවි කිරීම සදහා සිදුරු අවශ්‍ය පරිදි වාත්තු කර ඇත.සිලින්ඩර බද තනි සිලින්ඩර හා බහු සිලින්ඩර ලෙස පැවතිය හැකි අතර එන්ජිමේ බොහෝ භාහිර කොටස් සවි කරනු ලබන්නේ සිලින්ඩර බදටය.

                  
     සිලින්ඩර හිස Cylinder Head -:

                               සිලින්ඩර හිසද චිනට්චට්ටි ලෝහයෙන් වාත්තු කර ඇති අතර සමහර එන්ජින් ඇලුමිනියම් මිශ්‍ර ලෝහ යොදා නිෂ්පාදනය කර ඇත.සිලින්ඩර බදක ඉහල කොටස ආවරණය වනුයේ මෙම සිලින්ඩර හිසෙහි චුෂණ හා පීටර වෑල්ව්ද මෙය තුල ක්‍රියා කරන අතර දහන කුටීරය චුෂණ හා පිටාර වායු මාර්ග පුලිගු පේනු හෝ ඉන්ධන විදින තාප පේනු ,සවි කිරීමට සිදුරු බද හා හිස සම්බන්ද කිරීමටත් රොකර් ආම් එක ලෙස හා ටැපට් කවරය සම්බන්ද කිරීමට ඇණ කව්ද මෙය තුල සකස් කර ඇත.සිලින්ඩර හිසක බද සවි කිරීම සදහා දෙකොන් පොට ඇණ භාවිතා කරයි.සිලින්ඩර හිස,බද සවි කිරීමේදී මෙම දෙකොන් ඇණ වලට මුරුච්චි(Nut) දමා තද කරයි.එය කල යුත්තේ මැදින් පටන් ගෙන දෙපසට විහිදෙන ආකාරයටය.       
             
සිලින්ඩර හිස ගැලපීමේදී කද කල අනුපිලිවලට ප්‍රතිවිරුද්ද ලෙස ගැලපීම සිදු කරයි. 

Post a Comment