සම්ප්‍රේෂණ පද්ධතිය,සුක්කානම් පද්ධතිය,පණගැන්නුම් පද්ධතිය හා ආරෝපණ පද්ධතිය හදුනා ගනිමු.

                       

සම්ප්‍රේෂණ පද්ධතිය(Transmission System)



දගර කදෙහි භ්‍රමණ චලිතය වාහනයේ රෝද කරා ගෙන යන්නේ සම්ප්‍රේෂණ පද්ධතිය මගිනි. 
                       සම්ප්‍රේෂණ පද්ධතියට අයත් ප්‍රධාන කොටස් ලෙස ක්ලචය(Clutch),ජියර පෙට්ටිය(Gear box),අවර පෙති කද(Propellershaft),ආන්තරය(Difterential),අක්ෂ දණ්ඩ(Axels) හදුන්වා දිය හැක.
සුක්කානම් පද්ධතිය(Steering System)


වාහනයේ ධාවනය වන දිශාව හසුරුවා ගැනීමට සහය විම සුක්කානම් පද්ධතියේ කාර්යයි.

ධාවනය වන වාහනය පාලනය කිරීමට උපකාරී වන බැවින් ඉතා වැදගත් පද්ධතියක් වේ.

පණගැන්නුම් පද්ධතිය Starting System


මෝටර් රථ වල එන්ජිම පණ ගැන්වීම සදහා දගර කද (Crank sharp) කරකවා ගත යුතුය.මේ සදහා පණගැන්වීමේ මෝටරය (Startor Moter)නමින් හැදින්වෙන විදුලිමෝටරයක් ඇත.එම මෝටරය ක්‍රියා කරවීම සදහා ඇති පද්ධතිය පණගැන්නුම් පද්ධතිය නම් වේ.
  
ආරෝපණ පද්ධතියCharging System


මෝටර් රථයක් පණ ගැන්වීම සදහා පණගැමෝටරයක් අවශයය වන අතර එහි ක්‍රියාකාරිත්වය සදහා මෝටර් රථ බැට්‍රියකින් විද්යුත් ශක්තිය ලබා ගත යුතුය.මිට අමතරව මෝටර් රථයේ ඇති විදුලි උපකරණ ක්‍රියාකරවීම සදහා අවශය විද්යුත් ශක්තිය ද බැටරියෙන් ලබා ගැනේ.මෙම බැටරියෙන් විදුලිය ලබා ගැනීම නිසා එය විසර්ජනය වීම සිදු වේ.විසර්ජනය වූ බැටරිය නැවත ආරෝපණය කල යුතුය.ඒ සදහා ආරෝපණ බැටරිය නිර්මාණය කර ඇත.    

2 comments

හදුන්වා දීම හොඳයි .ස්තුතියි .

Reply

Post a Comment