මෝටර් රථයේ ඉතිහාසය ඉගෙන ගනිමු.


මූලික ස්වයන්චල තාක්ෂණවේදය

මෝටර් රථයේ ඉතිහාසය








                ක්‍රි.ව.1600දී  පමණ අශ්ව කරත්තය වෙනුවට ස්වයං ධාවනයක් සහිත රථයක් නිපදවීමට බොහෝ දෙනෙකු උත්සහ කරන ලදී.මෙහි ප්‍රතිපලයක් ලෙස වාෂ්ප බලයෙන් ධාවනය වන මෝටර් රථ නිපදවන ලදී.ඉන්ධන ලෙස පෙට්‍රල් භාවිතා කරමින් ධාවනය වන වාහන වල පුරෝගාමීන් ලෙස ජර්මන් ජාතික කාල්බෙන්ට්(carlbent) හා ගොට්ලිබ් ඩෙම්ලර්(Gotlib Demler) යන දෙදෙනාගේ මෝටර් රථ 02 ක් නිර්මාණය ආරම්භ විය.මේවා පිළිවලින් 1885 හා 1886 යන වර්ෂ වලදී ධාවනය ආරම්භ විය.මුල් යුගයේ රෝද 03 කින් යුක්ත වාහන නිපදවීම ආරම්භ විය.

1926 දි බෙන්ස් හා ඩෙම්ලර් යන සමාගම් දෙකම එකතු කර ඩෙම්ලර් බෙන්ස් යන සමාගම පිහිට වූ අතර එහි නිපද වූ වාහන මර්සිඩිස් බෙන්ස් යන වෙළදනාමය යටතේ වෙළද පොලට ඉදිරිපත් විය.

මෝටර් රථයක අඩංගු ප්‍රධාන පද්ධති


ප්‍රථමික චාලක එන්ජිම(Primary motion Engin)
                            මෝටර් රථයක් ධාවනය කිරීම සදහා අවශ්‍ය  යාන්ත්‍රික ශක්තිය නිපදවන ප්‍රභවය එන්ජිම  වේ.
          එන්ජිමට සපයනු ලබන ඉන්ධන,එන්ජිමේ සිලින්ඩර තුලදී ධවාලනු ලැබේ.එම ධවිමෙන් ඉන්ධන වල අඩංගු රසායනික ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය කරයි.මෙසේ ඇතිවන තාපය නිසා සිලින්ඩර ධාහන කුටීරය තුල අධික පීඩනයක් ඇති වී සිලින්ඩරය තුල ඇති පිෂ්ටනය පහලට තල්ලු කරනු ලබයි.පිෂ්ටන වල මෙම චලිතය පිෂ්ටන් ඇත මගින් දගර කදට (Crank shaft)ලැබීමට සලස්වා එම චලිතය භ්‍රමණ චලිතයට පරිවර්තනය කරනු ලැබේ.එන්ජිමේ ක්‍රියාකාරිත්වයට ආධාර ලෙස සහයක පද්ධති කිහිපයක් ක්‍රියාත්මක වේ.
               01.ඉන්ධන පද්ධතිය                 Tuel system
              02.ජ්වලන පද්ධතිය                  Ignition system
              03.සිසිලන පද්ධතිය                   Cooling system
              04.ස්නේහක පද්ධතිය(ඔයිල්)     Lubricating system

3 comments

mata podi udauwak oni .
mail ekak daanawada : palitha.lahiru@gmail.com

Reply

"එන්ජිම තුලට සපයනු ලබන ඉන්දන" කියන තැනට පස්සෙ "තෙල් සහ වායු මිශ්‍රණය" කියලා එන්න ඕනෙ නේද?

Reply

"එන්ජිම තුලට සපයනු ලබන ඉන්දන" කියන තැනට පස්සෙ "තෙල් සහ වායු මිශ්‍රණය" කියලා එන්න ඕනෙ නේද?

Reply

Post a Comment