සිසිලන පද්ධතිය,ස්නේහක පද්ධතිය,චැසිය හා බොඩිය යන කොටස් හදුනා ගනිමු.

සිසිලන පද්ධතිය Cooling System
එන්ජිමක් තුලදී දහනයෙන් ඇතිවන තාප ශක්තියට සම්පුර්ණයෙන්ම යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය නොවේ.ඉන් කොටසක් තාපය ලෙස නිකුත් වේ.එම නිසා එන්ජිම අධික ලෙස රත් වීමෙන් එහි කොටස් වලට හානි සිදු විය හැක.මෙම තත්වය වැළැක්වීම සදහා සිසිලන පද්ධතිය නිර්මාණය කර ඇත.
ස්නේහක පද්ධතිය Lubricating System
මෝටර් රථ එන්ජීමක් තුල ලෝහ කොටස් වැඩි ප්‍රමාණයක් චලිත ක්‍රියාවන් සිදු කරයි.මෙම චලිතයන් නිසා ගර්ෂනය ඇති වන අතර එම ගර්ෂණබලය මැඩ පවත් වමින් ලෝහ කොටස් චලිත විය යුතුය.එම ගර්ෂණ බල අවම කිරීමට ස්නේහක පද්ධතිය ක්‍රියා කරයි.
චැසිය Fram

මෝටර් රථයක එන්ජිම ,සම්ප්‍රේෂණ පද්ධතිය ,සුක්කානම් පද්ධතිය ,රෝද,බොඩිය හා අනෙකුත් කොටස් දරා සිටින්නේ සැකිල්ල මගිනි.සැකිල්ල නිර්මාණය සදහා u හැඩති වාfනේ බට එකට වැල්ඩින් කිරීමෙන් හෝ රිවට් කිරීමෙන් සිදු කරයි.

බොඩිය Body


            වාහනයේ ගමන් කරන මගින් හා ගෙන යන බඩු භාණ්ඩ ආදියේ ආරක්ෂාවට ස්ථිර වශයෙන් සාද ඇති ආවරණය බොඩිය ලෙස හැදින්වේ. වාfනේ තහඩු හෝ ලෑලි භාවිතා කර නිර්මාණය කරන අතර දොරවල් හා විදුරු ආවරණද බෝදියට අයත් කොටස් වේ.

Post a Comment