දෙපහර එන්ජිමක(Two Strock Engin) උඩුකුරු පහර හා යටිකුරු පහර හදුනා ගනිමු

දෙපහර එන්ජිම Two Stroke Engin


සිලින්ඩරය තුල පිෂ්ටනයක් හා චුෂණ කවුළුව,පිටාර කවුළුව,මාරු කවුළුව නම් කවුළු 03කින්ද ඉහලින් පිහිටි පුලිගු පේනුවකින්ද පද්ධතිය සැකසී ඇත.
                 මෙම වර්ගයේ එන්ජින් වල දගර කද වටයක් කරකැවිමේදී එක් බලයක් ලබා ගනී.ඒ සදහා පහර 02ක් උපයෝගී කර ගනී.ඒවා නම්,
                              *උඩුකුරු පහර
                              *යටිකුරු පහර   වේ.

උඩුකුරු පහර

මෙම අවස්ථාවේදී පිෂ්ටනය සිලින්ඩරයේ පහල සිමාවේ (BDC) සිට සිලින්ඩරයේ ඉහල සීමාව දක්වා (TDC) ගමන් කරයි.මෙම අවස්ථාවේදී දගර කද කුටීරය තුල රිත්තකයක් වර්ධනය වේ.ඒ අනුව විවෘර්ත වි ඇති චුෂණ කවුළුව තුලින් පෙට්‍රල් වාත මිශ්‍රණය දගර කද කුටිරයට ඇතුළු වේ.මෙම අවස්ථාවේදී පිෂ්ටනයේ ඉහල කෙලවරට පෙර ඇතුළු වි ඇති පෙට්‍රල් මිශ්‍ර වාතය සම්පිඩනය වීම සිදු වේ.මෙම උඩුකුරු පහරේදී පිෂ්ටනය මගින් සම්පිඩනය වි ඇති පෙට්‍රල් මිශ්‍ර වාතය ඉහල කෙලවරට පැමිණි පසු පුලිගු පේනුව ක්‍රියාත්මක වි පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය කරයි.

යටිකුරු පහර

උඩුකුරු පහර අවසානයේදී පෙට්‍රල් වාත මිශ්‍රණය ගිනි ගැනීමෙන් ඇතිවෙන අධික බලය නිසා පිෂ්ටනය වේගයෙන් ඉහල සීමාවෙ (TDC) සිට පහල සීමාව (BDC) දක්වා තල්ලු කරයි.මෙම පහරේදී පළමුව පිටාර කවුළුවත් දෙවනුව මාරු කවුලුවත් විවෘර්ත වේ.පිටාර කවුළුව විවෘර්ත වීම නිසා දැවී ගිය වායුව පිට වේ.පිෂ්ටනය සිලින්ඩරය පහල සීමාව දක්වා ගමන් කිරීම නිසා දගර කද කුටීරය තුල ඇති පෙට්‍රල් මිශ්‍රිත වාතය සම්පිඩනය වී මාරු කවුළුව හරහා සිලින්ඩරයේ ඉහල කොටසට ඇතුල් වේ.මේ අතර සිලින්ඩරය තුල ඉතිරි වි ඇති දැවී ගිය වායුව පිටාර කවුළුව හරහා සම්පුර්ණයෙන්ම පිට කර හරි.
                       මෙම ක්‍රමයේදී පිෂ්ටනය ඉහලට යන සෑම අවස්ථාවකදීම බල පහරක් ඇති වේ.


Post a Comment