සිසිලන පද්ධතිය,ස්නේහක පද්ධතිය,චැසිය හා බොඩිය යන කොටස් හදුනා ගනිමු.

සිසිලන පද්ධතිය Cooling System
එන්ජිමක් තුලදී දහනයෙන් ඇතිවන තාප ශක්තියට සම්පුර්ණයෙන්ම යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය නොවේ.ඉන් කොටසක් තාපය ලෙස නිකුත් වේ.එම නිසා එන්ජිම අධික ලෙස රත් වීමෙන් එහි කොටස් වලට හානි සිදු විය හැක.මෙම තත්වය වැළැක්වීම සදහා සිසිලන පද්ධතිය නිර්මාණය කර ඇත.
ස්නේහක පද්ධතිය Lubricating System
මෝටර් රථ එන්ජීමක් තුල ලෝහ කොටස් වැඩි ප්‍රමාණයක් චලිත ක්‍රියාවන් සිදු කරයි.මෙම චලිතයන් නිසා ගර්ෂනය ඇති වන අතර එම ගර්ෂණබලය මැඩ පවත් වමින් ලෝහ කොටස් චලිත විය යුතුය.එම ගර්ෂණ බල අවම කිරීමට ස්නේහක පද්ධතිය ක්‍රියා කරයි.
චැසිය Fram

මෝටර් රථයක එන්ජිම ,සම්ප්‍රේෂණ පද්ධතිය ,සුක්කානම් පද්ධතිය ,රෝද,බොඩිය හා අනෙකුත් කොටස් දරා සිටින්නේ සැකිල්ල මගිනි.සැකිල්ල නිර්මාණය සදහා u හැඩති වාfනේ බට එකට වැල්ඩින් කිරීමෙන් හෝ රිවට් කිරීමෙන් සිදු කරයි.

බොඩිය Body


            වාහනයේ ගමන් කරන මගින් හා ගෙන යන බඩු භාණ්ඩ ආදියේ ආරක්ෂාවට ස්ථිර වශයෙන් සාද ඇති ආවරණය බොඩිය ලෙස හැදින්වේ. වාfනේ තහඩු හෝ ලෑලි භාවිතා කර නිර්මාණය කරන අතර දොරවල් හා විදුරු ආවරණද බෝදියට අයත් කොටස් වේ.

විදුලි පහන් පද්ධතිය,අවලම්බන පද්ධතිය හා ජ්වලන පද්ධතිය හදුනා ගනිමු.

විදුලි පහන් පද්ධතිය  Lighting System

විදුලි සංඥා හා රාත්‍රී කාලයේදී පහන් දැල්වීම මෙන්ම වෙනත් උපාංග ක්‍රියා කරවීම සදහා ද විදුලි පහන් පද්ධතියක් ක්‍රියාත්මක වේ.මෙම පද්ධතියට ,
                                                       ප්‍රධාන පහන්
                                                      පැති පහන්                   
                                                      රෝද පහන්
                                                      දිශා සංඥා පහන්
                                                      ඇතුළත පහන්
                                                      උපකරණ පුවරුවේ පහන්
                                                      පණගැන්නුම් පහන්
                                                      දර්ශක පහන්
                                                                          ඇතුලත් වේ.  
                                     
අවලම්බන පද්ධතිය Suspention System 

වාහනයේ රෝද සැකිල්ලට සම්බන්ද කර ඇත්තේ අවලම්බන පද්ධතිය මගිනි.එයට අයත් ප්‍රධාන කොටස් 02,දුනු (Springs) හා කම්පන වාරක (Shock Absober) වේ.පාරේ ඇති රළු ගතිය නිසා ඇතිවන ගැස්වීම් වලින් වාහනයේ කොටස් වලට ,ගෙනයන මගීන්ට හා භාණ්ඩ වලට අපහසුතාවයක් හෝ හානියක් ඇති වීම වැලැක්වීම අවලම්බන පද්ධතියේ ප්‍රධාන කාර්යයි.
ජ්වලන පද්ධතිය IgnitioSystem


පෙට්‍රල් එන්ජීමක වාත පෙට්‍රල් මිශ්‍රණය දහනය සදහා අවශ්‍ය පුලිගු සැපයුම ජ්වලන පද්ධතිය මගින් සිදු කරයි.  

සම්ප්‍රේෂණ පද්ධතිය,සුක්කානම් පද්ධතිය,පණගැන්නුම් පද්ධතිය හා ආරෝපණ පද්ධතිය හදුනා ගනිමු.

                       

සම්ප්‍රේෂණ පද්ධතිය(Transmission System)



දගර කදෙහි භ්‍රමණ චලිතය වාහනයේ රෝද කරා ගෙන යන්නේ සම්ප්‍රේෂණ පද්ධතිය මගිනි. 
                       සම්ප්‍රේෂණ පද්ධතියට අයත් ප්‍රධාන කොටස් ලෙස ක්ලචය(Clutch),ජියර පෙට්ටිය(Gear box),අවර පෙති කද(Propellershaft),ආන්තරය(Difterential),අක්ෂ දණ්ඩ(Axels) හදුන්වා දිය හැක.
සුක්කානම් පද්ධතිය(Steering System)


වාහනයේ ධාවනය වන දිශාව හසුරුවා ගැනීමට සහය විම සුක්කානම් පද්ධතියේ කාර්යයි.

ධාවනය වන වාහනය පාලනය කිරීමට උපකාරී වන බැවින් ඉතා වැදගත් පද්ධතියක් වේ.

පණගැන්නුම් පද්ධතිය Starting System


මෝටර් රථ වල එන්ජිම පණ ගැන්වීම සදහා දගර කද (Crank sharp) කරකවා ගත යුතුය.මේ සදහා පණගැන්වීමේ මෝටරය (Startor Moter)නමින් හැදින්වෙන විදුලිමෝටරයක් ඇත.එම මෝටරය ක්‍රියා කරවීම සදහා ඇති පද්ධතිය පණගැන්නුම් පද්ධතිය නම් වේ.
  
ආරෝපණ පද්ධතියCharging System


මෝටර් රථයක් පණ ගැන්වීම සදහා පණගැමෝටරයක් අවශයය වන අතර එහි ක්‍රියාකාරිත්වය සදහා මෝටර් රථ බැට්‍රියකින් විද්යුත් ශක්තිය ලබා ගත යුතුය.මිට අමතරව මෝටර් රථයේ ඇති විදුලි උපකරණ ක්‍රියාකරවීම සදහා අවශය විද්යුත් ශක්තිය ද බැටරියෙන් ලබා ගැනේ.මෙම බැටරියෙන් විදුලිය ලබා ගැනීම නිසා එය විසර්ජනය වීම සිදු වේ.විසර්ජනය වූ බැටරිය නැවත ආරෝපණය කල යුතුය.ඒ සදහා ආරෝපණ බැටරිය නිර්මාණය කර ඇත.    

මෝටර් රථයේ ඉතිහාසය ඉගෙන ගනිමු.


මූලික ස්වයන්චල තාක්ෂණවේදය

මෝටර් රථයේ ඉතිහාසය








                ක්‍රි.ව.1600දී  පමණ අශ්ව කරත්තය වෙනුවට ස්වයං ධාවනයක් සහිත රථයක් නිපදවීමට බොහෝ දෙනෙකු උත්සහ කරන ලදී.මෙහි ප්‍රතිපලයක් ලෙස වාෂ්ප බලයෙන් ධාවනය වන මෝටර් රථ නිපදවන ලදී.ඉන්ධන ලෙස පෙට්‍රල් භාවිතා කරමින් ධාවනය වන වාහන වල පුරෝගාමීන් ලෙස ජර්මන් ජාතික කාල්බෙන්ට්(carlbent) හා ගොට්ලිබ් ඩෙම්ලර්(Gotlib Demler) යන දෙදෙනාගේ මෝටර් රථ 02 ක් නිර්මාණය ආරම්භ විය.මේවා පිළිවලින් 1885 හා 1886 යන වර්ෂ වලදී ධාවනය ආරම්භ විය.මුල් යුගයේ රෝද 03 කින් යුක්ත වාහන නිපදවීම ආරම්භ විය.

1926 දි බෙන්ස් හා ඩෙම්ලර් යන සමාගම් දෙකම එකතු කර ඩෙම්ලර් බෙන්ස් යන සමාගම පිහිට වූ අතර එහි නිපද වූ වාහන මර්සිඩිස් බෙන්ස් යන වෙළදනාමය යටතේ වෙළද පොලට ඉදිරිපත් විය.

මෝටර් රථයක අඩංගු ප්‍රධාන පද්ධති


ප්‍රථමික චාලක එන්ජිම(Primary motion Engin)
                            මෝටර් රථයක් ධාවනය කිරීම සදහා අවශ්‍ය  යාන්ත්‍රික ශක්තිය නිපදවන ප්‍රභවය එන්ජිම  වේ.
          එන්ජිමට සපයනු ලබන ඉන්ධන,එන්ජිමේ සිලින්ඩර තුලදී ධවාලනු ලැබේ.එම ධවිමෙන් ඉන්ධන වල අඩංගු රසායනික ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය කරයි.මෙසේ ඇතිවන තාපය නිසා සිලින්ඩර ධාහන කුටීරය තුල අධික පීඩනයක් ඇති වී සිලින්ඩරය තුල ඇති පිෂ්ටනය පහලට තල්ලු කරනු ලබයි.පිෂ්ටන වල මෙම චලිතය පිෂ්ටන් ඇත මගින් දගර කදට (Crank shaft)ලැබීමට සලස්වා එම චලිතය භ්‍රමණ චලිතයට පරිවර්තනය කරනු ලැබේ.එන්ජිමේ ක්‍රියාකාරිත්වයට ආධාර ලෙස සහයක පද්ධති කිහිපයක් ක්‍රියාත්මක වේ.
               01.ඉන්ධන පද්ධතිය                 Tuel system
              02.ජ්වලන පද්ධතිය                  Ignition system
              03.සිසිලන පද්ධතිය                   Cooling system
              04.ස්නේහක පද්ධතිය(ඔයිල්)     Lubricating system